සමාජ වගකීම



ජාතික රක්ෂණ භාර අරමුදල හා බැඳෙන සමායතනික සමාජ වගකීම් වල මූලික අරමුණ වනුයේ ආයතනය මඟින් සිදු කරන්නා වූ මඟින් පරිසරයට, සේවා නියුක්තිනයට, පොදුජන සමාජයට සහ වෙනත් පාර්ශවයනට යහපත් බලපෑමක් ඇති කරනා අයුරින් සකසා ගැනීමයි.

2016 වසරේ

  • බාහිර පුහුණු වැඩසටහන 2016.

  • ජාතික රක්ෂණ භාර අරමුදල විසින් සංවිධානය කරන ලද බාහිර පුහුණු වැඩසටහනක් 2016 දෙසැම්බර් මස 17 සහ 18 යන දෙදින පුරා කුකුලේගඟ ලායා ලෙෂර් හිදී පැවැත්විය. මේ සඳහා ජාතික රක්ෂණ භාර අරමුදල ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරීතුමන් වන සනත් සී. ද සිල්වා මහතා ඇතුලු එහි කාර්යය මණ්ඩලය සහභාගී වූ අතර මෙම වැඩසටහන මෙහෙයවන ලද්දේ Outward Bound Trust Sri Lanka ආයතනය විසිනි.



  • මහරගම පිළිකා රෝහල වෙත වෛද්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන

  • ජාතික රක්ෂණ භාර අරමුදල ආයතනයේ සේවක සුභසාධක සංගමයේ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස මහරගම පිළිකා රෝහල වෙත වෛද්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහනක් සැප්තැම්බර් මස 21ක් වන දින මහරගම පිළිකා රෝහල් පරිශ්‍රයේදී පැවැත්විය. මෙම පුණ්‍යකර්මය සඳහා එම රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය M.Y.K. විල්ෆ්‍රෙඩ් මහතා සහ සේවක සුභසාධක සංගමයේ සාමාජික සාමජිකාවන් සහභාගී විය.



  • NITF ලේ දන් දීමේ පිංකම

  • පොසොන් පොහොය නිමිත්තෙන් ජාතික රක්ෂණභාර අරමුදලේ සේවක සුභසාධක සංගමය විසින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පිංකමක් 2016 ජුනි මස 17 වන දින ජාතික රක්ෂණභාර අරමුදල ආයතනයේ සභාපතිතුමන් වන මංජුල ද සිල්වා මහතා සහ විධායක නිළධාරීතුමන් වන සනත් සී ද සිල්වා මහතාගේ එම ආයතනයේදී පැවැත්විය.




    2015 වසරේ

  • දික් ඇල්ලකන්ද කනිටු විද්‍යාලීය බහුකාර්ය ගොඩනැගිල්ල .

  • අපගේ ආයතනයෙහි තවත් එක් සමාජ මෙහෙවරක් පසුගියදා පැවැත්වුණි.  ජාතික රක්ෂණ භාර අරමුදලෙහි සුභසාධක සංගමයේ අනුග්‍රහකත්වයෙන් දික් ඇල්ල කනිටු විද්‍යාලීය බහුකාර්ය ගොඩනැගිල්ල සංවර්ධන කටයුතු නිමකර එය විවෘත කිරීම සහ එම පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් හට අවශ්‍ය පාසල් උපකරණ බෙදා දීම පෙබරවාරී මස 18 වන දින පැවැත්විණ.
    ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක පිහිටි මෙම පාසලේ ඉතා අසරණ වූ, එමෙන්ම අධ්‍යාපන කටයුතු වලදී ඉතා ඉහළ මට්ටමේ දක්ෂතා ඇති ළමුන් ඉගෙනුම ලබන අතර, අප ලබාදුන් පරිත්‍යාගයන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මහත් උපකාරයක් වනු ඇත.




    2014වසරේ

  • අග්‍රහාර රක්ෂණ හිමියන් සඳහා ජාතික රක්ෂණ භාර අරමුදල ලංකා හොස්පිට්ල්ස් සමග අත්වැල් බැඳ ගන්නා ලදී.




  • 2013 වසරේ

  • මරණයට කැපවූ ගවයන් දෙදෙනෙකු සදහා අභය දානය ලබා දීම.

  • පොසොන් පොහොය නිමිති කොට ගෙන ජාතික රක්ෂණ භාර අරමුදලෙහි සභාපති, මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය මගින් මරණයට කැපවූ ගවයන් දෙදෙනෙකු 21-06-2013 දින එම සේවා ස්ථානයේදී නිදහස් කරන ලදි.  මීට සමගාමීව, සිදු කරන ලද්දාවු කුසලයෙහි ආනිසංස දක්වමින් එදිනම ධර්ම දේශනාවක් විතාරන්දෙනියේ මේධානන්ධ ස්වාමින් වහන්සේ විසින් සිදු කරන ලදි.




  • ලංකා හොස්පිට්ල්ස් හි E-Card පහසුකම නිල වශයෙන් හදුන්වා දීම.




  • නේවාසික පුහුණු වැඩමුළුව 2013.




  • 2012 වසරේ

  • කිලිනොච්චි සහා මුලතිව් නගාසිටුවීම.




  • 2011 වසරේ

  • ජාතික රක්ෂණ භාර අරමුදල මැයි රැළිය 2011.

  • ජාතික රක්ෂණ භාර අරමුදල - පිරිත් පිංකම.

  • ජාතික රක්ෂණ භාර අරමුදල අතිගරු ජනාධිපතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වූ ලේ දන් දීමේ පිංකම.




  • 2010 වසරේ

  • ජාතික රක්ෂණ භාර අරමුදල මගින් රුපියල් 170 000/=ක් වටිනා කිහිලිකරු යුධ හමුදා රෝහල් වෙත ප්‍රදානය කරන ලදී.

  • රක්ෂණ හිමියන් සඳහා ජාතික රක්ෂණ භාර අරමුදල ලංකා හොස්පිට්ල්ස් සමග අත්වැල් බැඳ ගන්න ලදී.




  • 2009 වසරේ

  • ජාතික රක්ෂණ භාර අරමුදල මගින් කලුබෝවිල රෝහලේ හමුදා වාට්ටුව වෙත රූපවාහිනි කරන ලදී.

  • ජාතික රක්ෂණ භාර අරමුදල මගින් මැණික්ෆාම්හි යුද්ධයෙන් පීඩිත ජනතාව හට ආහාර සහ පානීය ජලය ලබා දෙන ලදී.