සමාගම් සංකල්පය
ජාතික රක්ෂණ භාර අරමුදල 2006 අංක 28 දරණ ජාතික රක්ෂණ භාර අරමුදල් පනත (ජා .ර .භා .අ .පනත ) මගින් ස්ථාපිත කර ඇත. ආර්ථිකය වෙනුවෙන් එහි දායකත්වය
සදහා ප්‍රතිරක්ෂණය ,වැඩ වර්ජන , කැරලි කෝලහාල ,සිවිල් අරගල සහ ත්‍රස්තවාදී වන රක්ෂණය , අග්‍රහාර වෛද්‍ය රක්ෂණය , සෞඛ්‍යය රක්ෂණය හා කෘෂි රක්ෂණය ඇතුලු
අනෙකුත් වර්ගවල සාමාන්‍ය රක්ෂණ ආවරණ සදහා අවශ්‍ය ප්‍රතිපාදන සැලසීම සිදු කරයි. ජාතික රක්ෂණ භාර අරමුදල් පනතට අනුව මුදල් හා ක්‍රම
සම්පාදන අමාත්‍යංශය විසින් ප්‍රථමයෙන් පාලනය කරන ලද රක්ෂණ අරමුදලක් වන වැඩ වර්ජන , කැරලි කෝලහාල ,සිවිල් අරගල සහ ත්‍රස්තවාදී රක්ෂණ අරමුදල පසුව ජාතික
රක්ෂණ භාර අරමුදල වෙත පවරාගන්නා ලද අතර ජාතික රක්ෂණ භාර අරමුදල වෙනුවෙන් වැඩ වර්ජන , කැරලි කෝලහාල ,සිවිල් අරගල සහ ත්‍රස්තවාදී අවදානම් වෙනුවෙන්
රක්ෂණ ආවරණ නිකුත් කරන සියලුම රක්ෂකයින් මේ සදහා ඔවුන් ලබා ගන්නා වාරික ජාතික රක්ෂණ භාර අරමුදලට ප්‍රේෂණය කළ යුතු වේ.