කවුරුන් සඳහාද
වෛකල්පිත ප්රතිරක්ෂණය සුලභ වශයෙන් මිලදී ගනු ලබන්නේ විශාල, අසාමාන්‍ය හෝ විනාශකාරී අවදානම් සඳහාය.අවදානම් තනි වශයෙන් ප්‍රාරක්ෂණය කිරීම සදහා අවශ්‍ය ඕනෑම සම්පතක් ප්රතිරක්ෂණකරු සතුව තිබිය යුතුයි.
අනෙකුත් අවශ්‍යතාවයන් වනුයේ :-
-    නියමිත ප්‍රාරක්ෂණය හෝ එම පංතියේ ප්රතිරක්ෂණ සීමා ඉක්මවූ අවදානමක් රක්ෂකයා විසින් යොමු කරවිට, එය පවරාදෙන සමාගම වෙත අවදානම භාරගන්නා ලෙස අවසර ලබා දීමට වෛකල්පිත ප්රතිරක්ෂණයට හැකියාව ඇත..
-    ගිවිසුම් ප්රතිරක්ෂණ ආවරණයෙදී බැහැර කිරීමක් සිදුවූ විට වෙනත් වෛකල්පිත ආවරණයක් සොයා බලා එම ඔප්පුවෙහි හෝ ඔප්පු සමූහයෙහි ඇතිවූ හිදැස සම්පූර්ණ කරනු ලැබේ.
-    අවදානම් අවම කර ගනිමින්, වාසිදායක අනුපාතයන්හි ලාභ සමගින් කෙටිකාලීනව වෙලදපළට සම්බන්ධ වීමට ප්රතිරක්ෂණකයා විසින් වෛකල්පිත ප්රතිරක්ෂණයක් නිකුත් කල හැකිය.
-    තමාවත්, ගිවිසුම් ප්රතිරක්ෂණකරුත් ආරක්ෂා කිරීමට වෛකල්පිත ප්රතිරක්ෂණයක් මිලදී ගැනීමට ගිවිසුම් ප්රතිරක්ෂණකරුට හැකියාව ඇත.
ගිවිසුම් ප්රතිරක්ෂණය, මෙය ප්රතිරක්ෂණයෙහි සුලභ ආකාරයකි. එය රක්ෂණ සමාගමේ නම්කරන ලද කාර්යක එක් කොටසක් ආවරණය කරනු ලබයි.