පිරික්සුම    හිමිකම් තතු    සම්බන්ධවන්න    FAQs

අග්‍රහාර රක්‍ෂණය



අග්‍රහාර රක්‍ෂණ යෝජනා ක්‍රමය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ චක්‍රලේඛ අංක 5/1997 මගින් හඳුන්වා දෙන ලද අතර මෙම යෝජනා ක්‍රමය 2006 ජනවාරි පළමු වෙනි දින සිට ජාතික රක්‍ෂණ භාර අරමුදල යටතේ ක්‍රියාත්මක විය. මුල් දින වලදී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය මගින් අධික ලෙස හිමිකම් ගෙවීම් ප්‍රමාණයක් අප ආයතනය වෙත පැවරුන නමුත් මේ වන විට හිඟ හිමිකම් ගෙවීම් අවසන් කරමින් අග්‍රහාර රක්ෂණය සාමාන්‍ය ලෙස පවත්වාගෙන යනු ලබයි. අග්‍රහාර වෛද්‍ය රක්ෂණ ක්‍රමයේ මූලික අරමුණ වනුයේ රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයේ සියලුම නිලධාරීන් සහ එම පවුල් වල සාමාජිකයන්ගේ ජීවන තත්වය නගා සිටුවීමයි. එබැවින් අප වෙත ලැබෙන්නා වූ සියලුම හිමිකම් පෑම් හැකි ඉක්මණින් ගෙවීමට අප ආයතනය බැඳී සිටී. සියලුම අදාළ ලියකියවිලි අඩුපාඩු රහිතව ඉදිරිපත් කල හැකිනම් ඔබගේ හිමිකම් අප දින කිහිපයක් ඇතුලත ගෙවන්නෙමු.



About
කවුරුන් සඳහාද

ජාතික රක්ෂණ භාර අරමුදල රජයේ සේවකයින් මිලියනයකට ආසන්න සංඛ්‍යාවකට සහ ඔවුන්ගේ යැපෙන්නන් මිලියන 3 කට අධික සංඛ්‍යාවකට අග්‍රහාර රක්ෂණය සපයයි. මෙමගින් සියලුම වෛද්‍ය (රෝහල් ගතවීම්, දරු උපත්, සැත්කම්, හෘද සැත්කම්, උපැස් යුගල්, විවිධ ), හදිසි අනතුරු සහ මරණ සඳහා හිමිකම් ගෙවනු ලැබේ.

කොන්දේසි
  • විවාහක සාමාජිකයින් - සාමාජික, කලත්‍රයා සහ රැකියා විරහිත, අවිවාහක සහ යැපෙන වයස අවුරුදු 21 ට අඩු දරුවන් / වයස අවුරුදු 21 ට වැඩි පූර්ණ ආබාධිත දරුවන්
  • අවිවාහක සාමාජිකයින් - සාමාජික සහ සාමාජිකයින්ගේ වයස අවුරුදු 70 ට අඩු දෙමාපියන්
  • දරු උපත් සඳහා ගෙවීම් කරනු ලබන්නේ අවස්ථා දෙකක් සඳහා පමණි
  • සාමාජිකයා හා කලත්‍රයා යන දෙදෙනාම මෙම රක්ෂණ ක්‍රමයේ සාමාජිකයන් වූ විට හිමිකම් ලබා ගැනීමේදී පෞද්ගලික හෝ රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් හිමිකම් ලබා ගත හැක්කේ සාමාජිකයාට පමණි
  • සාමාජිකයා හා කලත්‍රයා යන දෙදෙනාම මෙම රක්ෂණ ක්‍රමයේ සාමාජිකයන් වූ විට දරුවන් සදහා හිමිකම් ලබා ගැනීමේදී පෞද්ගලික හෝ රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් හිමිකම් ලබා ගත හැක්කේ එක් සාමාජිකයෙකුට පමණි
  • සාමාජිකයා හා කලත්‍රයා යන දෙදෙනාම මෙම රක්ෂණ ක්‍රමයේ සාමාජිකයන් වූ විට පෞද්ගලික හෝ රජයේ රෝහලක සිදු කරන දරු උපත් සදහා ඉල්ලුම් කල හැක්කේ දරුවාගේ මවට පමණි

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද චක්‍රලේඛයට අනුව හිමිකම් ගෙවනු ලැබේ.

චක්‍රලේඛ    අයදුම්පත් බාගතකිරීම්


අග්‍රහාර විශ්‍රාමික රක්‍ෂණ යෝජනා ක්‍රමය

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද චක්‍රලේඛයට අනුව ප්‍රතිලාභ ලැබේ.

හිමිකම් පටිපාටිය

හිමිකම් ලබා ගැනීම පිලිබද අදාල විස්තර දැන ගැනීමට පහත අදාල යොමුව වෙත පිවිසෙන්න


Image
Icon
අප හා සම්බන්ධ වීමට

දුරකථන : +94 112 026 600
ෆැකස් : +94 112 323 006


සමාජ මාධ්‍ය :

(ලේඛන එවීම සඳහා පමණි)
දුරකථන : +94 703 007 770