පිරික්සුම    හිමිකම් තතු    සම්බන්ධවන්න    FAQs

ප්‍රතිරක්ෂණය



ශ්‍රී ලංකාවේ එකම ප්‍රතිරක්ෂණකරු ලෙස, ජාතික රක්ෂණ භාර අරමුදල(NITF) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සාමාන්‍ය රක්‍ෂණ සමාගම්වලින් අනිවාර්ය 30% ක කොටසක් යටතේ ගිවිසුම් සහ වෛකල්පික ප්‍රතිරක්‍ෂණ යන දෙකම පිළිගනිමින් රක්ෂණ කර්මාන්තය තුළ මූල්‍ය ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. NITF හි ප්‍රතිරක්‍ෂණ මෙහෙයුම් සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලංකා රක්‍ෂණ වෙළෙඳපොළ ප්‍රසස්ථව පවත්වා ගැනීමත් මහා පරිමාණ අවදානම් හැසිරවීමේ හැකියාව ඇති බවත් සහතික කිරීම සඳහා ය. අපගේ ප්‍රතිරක්‍ෂණ කළඹ දේපල, ඉංජිනේරු, නාවික, මෝටර් රථ සහ අනෙකුත් සාමාන්‍ය රක්‍ෂණ කාණ්ඩ ඇතුළුව පුළුල් පරාසයක අවදානම් ආවරණය කරයි.




කවුරුන් සඳහාද


ගිවිසුම් ප්‍රතිරක්ෂණය

ගිවිසුම් ප්‍රතිරක්‍ෂණය සම්බන්ධ වනුයේ පුද්ගල අවදානම්වලට වඩා ප්‍රතිපත්ති කළඹක් ප්‍රතිරක්‍ෂණය කිරීමට, වඩාත් පුරෝකථනය කළ හැකි සහ ස්ථාවර ආවරණයක් ලබා දීම සදහාය. NITF ගිවිසුම් ප්‍රතිරක්ෂණ ලබා දෙන්නේ :

සාමාන්‍ය රක්‍ෂණ සමාගම් : ශ්‍රී ලංකාවේ එකම ප්‍රතිරක්‍ෂණකරු ලෙස, විස්තීර්ණ අවදානම් කළමනාකරණය සහ රක්ෂණ කළඹ ස්ථායිතාව සහතික කරමින් ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) සාමාන්‍ය රක්‍ෂණ සමාගම්වලින් 30% ක අනිවාර්ය කොටසක් පිළිගනී.

වෛකල්පිත ප්‍රතිරක්ෂණය

විශේෂිත අවදානම් සඳහා නම්‍යශීලී සහ අභිරුචිකරණය කළ ආවරණ විසඳුම් ඉදිරිපත් කරමින් වෛකල්පිත ප්‍රතිරක්‍ෂණය එක් එක් අවධානම මත පදනම්ව සපයනු ලැබේ. NITF විසින් වෛකල්පිත ප්‍රතිරක්‍ෂණය ලබා දෙන්නේ :

සාමාන්‍ය රක්‍ෂණ සමාගම් : ප්‍රාථමික රක්‍ෂණකරුගේ ධාරිතාව ඉක්මවිය හැකි විශේෂිත විශාල හෝ සුවිශේෂී අවදානම් ආවරණය කිරීම.

  • රක්ෂණකරුවෙකුට එම පන්තිය සඳහා එහි සම්මත ප්‍රතිරක්ෂණ හෝ ප්‍රතිරක්‍ෂණ සීමාවන් ඉක්මවන අවදානමක් පිරිනමන විට, වෛකල්පිත ප්‍රතිරක්‍ෂණය මඟින් අවදානම පිළිගැනීමට සමාගමට අවස්ථාව සැලසේ.
  • රක්ෂණකරුවන්ට නිශ්චිත ප්‍රතිපත්තියක් හෝ ප්‍රතිපත්ති සමූහයක් සඳහා වෙනම වෛකල්පිත ප්‍රතිරක්‍ෂණය ලබා ගැනීමෙන් ප්‍රතිරක්‍ෂණ ගිවිසුම් බැහැර කිරීම් මගින් ඇති වූ ආවරණයේ හිඩැස් පිරවිය හැක.
  • අවදානම අවම කර ගැනීමට සහ වාසිදායක අනුපාතවලින් ප්‍රයෝජන ගැනීමට කෙටි කාලීනව වෙළෙඳපොළකට සහභාගී වීමට ප්‍රතිරක්‍ෂණකරුවෙකුට වෛකල්පිත ප්‍රතිරක්‍ෂණය නිකුත් කළ හැකිය.
  • ගිවිසුම් ප්‍රතිරක්ෂණකරුවෙකුට තමන් සහ එහි ගිවිසුම් ප්‍රතිරක්ෂණකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා වෛකල්පිත ප්‍රතිරක්‍ෂණය මිලදී ගත හැක.

ප්‍රතිලාභ

icon

අරමුදල විසින් නිකුත් කරන ලද වැඩ වර්ජන, කැරලි කෝලාහල, සිවිල් අරගල (SRCC) සහ ත්‍රස්තවාදී තත්ත්වයන් (T) හි සීමාවන් සහ අනුපාත කාලසටහනට අනුව දේශීය අරමුදල් සීමාවන් ඉක්මවා වැඩ වර්ජන, කැරලි කෝලාහල සහ සිවිල් අරගල හේතුවෙන් සිදුවන පාඩුව හෝ හානිය ආවරණය කිරීම සඳහා මෙම ප්‍රතිරක්‍ෂණ ආවරණ සීමාවන් දීර්ඝ කෙරේ.

icon

රක්ෂණකරුගේ ප්‍රතිරක්ෂණ ධාරිතාව වැඩි කරයි.

icon

උපයා නොගත් වාරික සංචිතය අඩු කරයි.

icon

ව්‍යසනකාරී අලාභයකින් ආරක්ෂා කරයි, ලාභය ස්ථාවර කිරීමට උපකාරී වේ.

icon

සීමාවේ හෝ රක්‍ෂණ රේඛාවේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රතිරක්‍ෂණකරුවෙකු වෙත පැවරීමෙන් රක්‍ෂණකරුවෙකුට සිමාවෙන් හෝ රක්ෂණ රේඛාවකින් පිටවීමට ඉඩ සලසයි.

img
Image
Icon
අප හා සම්බන්ධ වීමට

දුරකථන : +94 112 026 600
ක්ෂණික ඇමතුම් : +94 112 447 072
ෆැක්ස් : +94 114 700 988