පිරික්සුම    හිමිකම් තතු    සම්බන්ධවන්න    FAQs

වැඩ වර්ජන, කැරලි කෝලාහල, සිවිල් අරගල සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් රක්ෂණාවරණය




1987 නොවැම්බර් 18 වැනි දින ලබාදුන් අමාත්‍යමණ්ඩල තීරණය පරිදි " වැඩ වර්ජන, කැරලි කෝලාහල, සිවිල් අරගල සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් පැන නගින සහ සිදුවන පාඩු හේතුවෙන් රක්ෂණ හිමිකම්" යන මාතෘකාව යටතේ වැඩ වර්ජන, කැරලි කෝලාහල, සිවිල් අරගල සහ ත්‍රස්තවාදී අරමුදල 1988 දී පිහිටුවන ලදී.

2006 අංක 28 දරන ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) පනතේ 18(C) වගන්තිය ප්‍රකාරව අරමුදලේ විෂය පථයට අයත් කාර්යයන් ජාතික රක්ෂණ භාර අරමුදලට අන්තර්ග්‍රහණය කර ඇත.

2008 මාර්තු 25 වැනි දින නිකුත් කරන ලද අංක 1542/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව රට තුළ පැන නගින වැඩ වර්ජන, කැරලි කෝලාහල, සිවිල් අරගල සහ ත්‍රස්තවාදී තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය නිශ්චිතව දක්වා ඇත. වැඩ වර්ජන, කැරළි කෝලාහල, සිවිල් අරගල හා ත්‍රස්තවාදී අවස්ථා සම්බන්ධයෙන් රක්ෂණ වාරික වශයෙන් ලබන්නා වූ සියලු මුදල් රක්ෂණ කර්මාන්තයේ යුක්ති සහගත අවස්ථාවන් සපුරාලීම සඳහා, පාවිච්චි කිරීම සඳහාද, ජාතික ආර්ථිකය සවිමත් කිරීම සඳහා භාවිත කිරීමද සහතික කිරීමේ අරමුණු ඇතිව ඉහත දක්වා ඇති කාරණා සම්බන්ධයෙන් රක්ෂණ සමාගම් විසින් නිකුත් කරනු ලබන සියලු රක්ෂණ ආවරණ ජාතික රක්ෂණ භාර අරමුදලින් ලබා ගත යුතුය.






































කවුරුන් සඳහාද

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සාමාන්‍ය රක්‍ෂණ සමාගම් විසින් නිකුත් කරනු ලබන මූලික රක්‍ෂණ ඔප්පුවක දිගුවක් ලෙස මෙම රක්ෂණාවරණය රක්ෂණ ඔප්පු හිමියෙකුට ලබා ගත හැකි වේ. එසේ නොමැති නම් රක්ෂණ ඔප්පුවේ අඩංගු නියමයන්, බැහැර කිරීම්, ප්‍රතිපාදන සහ කොන්දේසි වලට යටත්ව හෝ ඒ මත අනුමත කළ අරමුදල් සීමාවන් සහ අනුපාත උපලේඛනයට අනුව අමතර වාරිකය ගෙවා රක්ෂිතයාට මෙම රක්ෂණ ආවරණය ලබා ගත හැකිවේ.

හිමිකම් ක්‍රියා පටිපාටිය
  • අවදානමට ලක්වූ රක්ෂිත වස්තුව සම්බන්ධව පැනනගින හිමිකම් ඉල්ලීම් අදාළ සාමාන්‍ය රක්ෂණ සමාගම වෙත රක්ෂිතයා විසින් කඩිනමින් දැනුම් දියයුතුය.
  • සෑම හිමිකමක්ම වැඩ වර්ජන, කැරලි කෝලාහල, සිවිල් අරගල සහ ත්‍රස්තවාදී අරමුදලේ (SRCC & T) අනුමත කිරීම්වලට අදාල වේද යන්න රක්ෂණ සමාගම විසින් තීරණය කලයුතු වේ. එම රක්ෂණ සමාගම විසින් අදාල රක්ෂණ හිමිකම් සදහා වන්දි ගෙවීම සම්බන්ධව හැකි ඉක්මනින් වැඩ වර්ජන, කැරලි කෝලාහල, සිවිල් අරගල සහ ත්‍රස්තවාදී අරමුදල වෙත දැනුම් දියයුතුය.
  • හිමිකම් ලබාගැනීම සදහා අවශ්‍ය සියලුම ලියකියවිලි සපුරා තිබේදැයි පරීක්ෂා කිරීමෙන් පසු, මෙම හිමිකම් ලබාදීමට පෙර හිමිකම් නිර්දේශ කිරීම සහ අනුමත කිරීම සදහා වැඩ වර්ජන, කැරලි කෝලාහල, සිවිල් අරගල සහ ත්‍රස්තවාදී අරමුදලේ ක්‍රියාකාරී කමිටුව (Working Committee) සහ තාක්ෂණික උපදේශක කමිටුව (Technical Advisory Committee) වෙත සියලු ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබේ.
  • ක්‍රියාකාරී කමිටුව (Working Committee) සහ තාක්ෂණික උපදේශක කමිටුව (Technical Advisory Committee) සදහා සාමාන්‍ය රක්ෂණ සමාගම්හි වෘත්තීමය පළපුරුද්ද සහ තාක්ෂණික දැනුමින් යුත් විද්වත් වෘත්තිකයින් සහ ජාතික රක්ෂණ භාර අරමුදලේ ඉහළ කළමනාකරිත්වයේ නිලධාරින්ගෙන්ද සමන්විත වේ.


වැඩ වර්ජන, කැරලි කෝලාහල, සිවිල් අරගල සහ ත්‍රස්තවාදී අරමුදල යටතේ රක්ෂණ ආවරණ ලබාදෙමින් ක්‍රියාත්මක වන සාමාන්‍ය රක්ෂණ සමාගම් :


  • සීමාසහිත ඔරියන්ට් රක්ෂණ සමාගම
  • සීමාසහිත සණස සාමාන්‍ය රක්ෂණ සමාගම
  • එල්.ඕ.එල්.සී සාමාන්‍ය රක්ෂණ පොදු සමාගම්
  • සීමාසහිත පීපල්ස් රක්ෂණ සමාගම
  • සීමාසහිත එච්.එන්.බි සාමාන්‍ය රක්ෂණ සමාගම
  • සීමාසහිත ලංකා කොන්ටිනෙන්ටල් රක්ෂණ සමාගම
  • සීමාසහිත සමුපකාර රක්ෂණ සමාගම
  • සීමාසහිත ලංකා අලියන්ස් රක්ෂණ සමාගම
  • ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ලිමිටඩ්
  • අමානා ටකාෆුල් රක්ෂණ පොදු සමාගම්
  • සීමාසහිත ෆෙයාර්ෆර්ස්ට් රක්ෂණ සමාගම
  • සීමාසහිත එම්.බි.එස්.එල් රක්ෂණ සමාගම
  • සීමාසහිත සෙලින්කෝ සාමාන්‍ය රක්ෂණ සමාගම
Image
Icon
අප හා සම්බන්ධ වීමට

දුරකථන : +94 112 026 600 / +94 112 026 669
විද්‍යුත් තැපැල : prashan@nitf.lk