පිරික්සුම    හිමිකම් තතු    සම්බන්ධවන්න

රථ වාහන රක්‍ෂණය



රථවාහන රක්ෂණ සේවාවන් අත්හිටුවීම පිළිබඳ දැනුම්දීම

ජාතික රක්ෂණ භාර අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2026 සැප්තැම්බර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නව රථවාහන රක්ෂණාවරණ (Motor Insurance) නිකුත් කිරීම අත්හිටුවීමට තීරණය කර ඇත. එසේ වුවද, 2026 අගෝස්තු මස 31 වන දින දක්වා ජාතික රක්ෂණ භාර අරමුදල වෙතින් ලබාගෙන ඇති සියලුම රථවාහන රක්ෂණ ඔප්පු සඳහා, ඒවායේ වලංගු කාලසීමාව අවසන් වන තෙක් සුපුරුදු පරිදි අඛණ්ඩව සේවාවන් සහ වන්දි ගෙවීම් ආවරණ අප විසින් සපයනු ලැබේ.

අප ආයතනය කෙරෙහි විශ්වාසය තබමින් මෙතෙක් අප සමඟ අත්වැල් බැඳගත් සියලුම ගනුදෙනුකාර භවතුන් සහ ආයතන වෙත ජාතික රක්ෂණ භාර අරමුදල සිය කෘතඥතාවය පළ කර සිටී.


හිමිකම් පටිපාටිය

ජාතික රක්ෂණ භාර අරමුදල මගින් දිවයින පුරා විශිෂ්ට තක්සේරුකරුවන් කණ්ඩායමක් යොදවා ඇත. හිමිකම් පෑමක් දැනුම් දුන් විට හානියට පත් දේපල තක්සේරු කිරීමට කඩිනම් පියවර ගනු ලබන අතර හිමිකම් පියවීම සඳහා ඉක්මන් පසු විපරම් ක්‍රියාමාර්ග ගනු ලැබේ. පාරිභෝගික හිතකාමී හිමිකම් පියවීම් සැපයීම සහ පහසුකම් සැපයීම සඳහා අපගේ කාර්ය මණ්ඩලය සේවා විශිෂ්ටත්වයෙන් මනා පුහුණුවක් ලබා ඇත.



    

ලියාපදිංචි වාහන අළුත් වැඩියා ස්ථාන


වාහන අළුත් වැඩියා ස්ථාන ලැයිස්තුව
Image
Icon
අප හා සම්බන්ධ වීමට

රථ වාහන රක්ෂණ හිමිකම් සඳහා අමතන්න

ක්ෂණික ඇමතුම් : +94 114 321 600
හිමිකම් විමසීම් : +94 702 020 220 / +94 114 892 618
ෆැක්ස් : +94 112 421 765