කරුණාකර ප්‍රතිලාභ ලැයිස්තු පිටුවට පිවිසීම සඳහා පහත සබැඳිය ක්ලික් කරන්න. වෙබ් සබැඳිය
පහත සබැඳිය ක්ලික් කිරීමෙන් ඔබට පිරික්සුම් ලැයිස්තුව ලබාගත හැක. වෙබ් සබැඳිය
කරුණාකර අපගේ බාගතකිරීම් පිටුවට පිවිසෙන්න. වෙබ් සබැඳිය
ඔබ AWP(අග්‍රහාර වෙබ් ද්වාරය) හි ඔබගේ පුද්ගලික තොරතුරු අග්‍රහාර සාමාජික පිවිසුම හරහා ඇතුලත් කර එය ආයතනයේ අග්‍රහාර විෂය භාර නිලධාරියා වෙත යොමුකර අනුමත කර ගත යුතුය.
පෞද්ගලික රෝහල් සඳහා අනිවාර්යයි.
ඔබගේ අයදුම්පත්‍රය සහ ඊට අදාළ අනෙකුත් ලියකියවිලි කිසිදු දෝෂයකින් තොරව අප වෙත එවන්නේ නම්, අයදුම්පත ඉදිරිපත් කර දින 14ක් ඇතුළත අදාළ හිමිකම් ගෙවීම් ලබා ගත හැක.
රෝහලෙන් පිට වී දින 90ක් ඇතුළත අදාල අයදුම්පත අපගේ ශාඛා කාර්යාලයකට හෝ ප්‍රධාන කාර්යාලයකට ලැබිය යුතුය.
එය කළ නොහැක. එවැනි හිමිකම් පෑමක් ලබා ගත හැක්කේ පිළිකා රෝග සඳහා පමණි.
වෛද්‍ය තත්වයන්, ශල්‍යකර්ම ආදිය සලකා බලනු ලබන අතර නේවාසික ප්‍රතිකාර සඳහා අනිවාර්ය වේ.
බිල්පත් ඉදිරිපත් කරන අතරතුර, අවසාන සවිස්තරාත්මක බිල්පත සහ අදාළ පැකේජ බිල්පත් තිබේ නම් ඒවා ඉදිරිපත් කළ යුතුය. එසේම බිල්පත් වටිනාකම ආවරණය වන සියලුම ගෙවීම් රිසිට්පත් වල මුල් පිටපත් (ගෙවූ මුද්‍රාව සහිත) අප වෙත එවිය යුතුය.
SLIPS ක්‍රමය භාවිතා නොකරන ආයතන සඳහා, හිමිකම් පෑම සඳහා අදාළ මාසයට පෙර මාස 03 ක වැටුප් විස්තර ඉදිරිපත් කළ යුතුය.
නොහැක. සියලුම බිල්පත් සහ රිසිට්පත් පරිගණක මුද්‍රණය කර ඇති ඒවා විය යුතුය.
බිල්පත් සහ රිසිට්පත් හැර අනෙකුත් සියලුම ලියකියවිලි වල පිටපත් පිළිගනු ලබන්නේ වෙනත් ආයතනයකින් රක්ෂණ හිමිකම් මුදල ගෙවා ඇති විට ඉතිරි හිමිකම් ලබාගැනීමට අයදුම් කිරීමේදී පමණි. බිල්පත් සහ රිසිට්පත්වල සහතික කළ පිටපත් රෝහලේ ලිපි ශීර්ෂ සමඟ ද ඉදිරිපත් කළ හැකිය. (ජාතික රක්‍ෂණ භාර අරමුදලෙන් ගෙවීමට ඉතිරි හිමිකමට අදාළ රිසිට්පත්වල මුල් පිටපත අවශ්‍ය වේ)
ඔව්. ඔබ අදාළ ආයතනයේ ස්ථිර සේවකයෙකු බව තහවුරු කිරීම සහ නිවැරදි ගිණුම්කරණය තහවුරු කිරීම අනිවාර්ය වේ.
අයදුම්පත ඉදිරිපත් කළ යුත්තේ රෝහල්ගතව සිටි සාමාජිකයා පමණි.
අවිවාහක රක්‍ෂණලාභීන් හට අයදුම් කළ හැක්කේ ඔවුන්ගේ දෙමාපියන් වයස අවුරුදු 70 ට අඩු නම් පමණක් වන අතර ආයතන ප්‍රධානියා ඔහු / ඇය අවිවාහක බව ආයතනයේ ලිපි ශීර්ෂය සහිත ලිපියකින් සහතික කළ යුතුය.
ආයතන ප්‍රධානියාගේ අත්සන සහ නිල මුද්‍රාව සහිතව සත්‍ය පිටපතක් ලෙස සහතික කර ඇත්නම් පිළිගත හැකිය.
රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා කාලය අතරතුර වෛද්‍යවරයා විසින් පිටතින් ලබාගැනීම සඳහා නියම කරන බෙහෙත් වට්ටෝරුවට අදාළ බිල්පත් ගෙවිය හැකිය. අදාළ බිල්පත් සහ රිසිට්පත් සමඟ බෙහෙත් වට්ටෝරුවේ සහතික කල පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමේදී යම් පැකේජ යටතේ ප්‍රතිකාර ලබාගෙන ඇත්නම් සම්පූර්ණ සවිස්තරාත්මක බිල්පතට (Detail bill) අමතරව එම පැකේජයට අදාළ සවිස්තරාත්මක බිල්පත (පැකේජ බිල්පත/බ්‍රේකප් බිල්පත) එවිය යුතුය.
රෝග විනිශ්චය කාඩ්පතේ දිනය සමඟ පැහැදිලිව හා නිවැරදිව වෛද්‍යවරයාගේ අත්සන සහ නිල මුද්‍රාව තැබීම අනිවාර්ය වේ.
නොහැක. 2016.01.01 දිනට පසු විශ්‍රාම ගිය රජයේ සේවකයන්ට පමණක් අග්‍රහාර විශ්‍රාම සෞඛ්‍ය රක්ෂණය යටතේ හිමිකම් පෑමට හැකිය.
අදාළ ආයතනයේ ඉල්ලීම මත, පවුල් ඒකකයක් සඳහා මාසික වාරිකය රුපියල් 1,800 ක් වන අතර වාර්ෂික ප්‍රතිලාභ සීමාව රු. 400,000 කි.